ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීමේ අරමුණ ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද ගම සමග පිළිසඳරක් වැඩසටහනේ ප්‍රතිලාභ ජනතාවට ලැබීමට පටන් ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (26) බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
මීට මාස 07 කට පෙර ආරම්භ කරන ලද ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රථම පිළිසඳර පැවැත්වුණේ ද හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමය කේන්ද්‍ර කරගනිමින්.
එහිදී හදුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත පවරනු ලැබුවා.
ඒ අනුව ජනතා ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ ජනාධිපතවරයා හපුතලේ සිට වෙලංවිට දක්වා මගී ප්‍රවාහන බස් රථ දෙකක් ධාවනයට එක් කිරීමේ වැඩසටහනට ද එක් වුණා.
දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස් රථ දෙක ධාවනයේ යෙදවෙනවා.

ප්‍රදේශයට බලපා තිබෙන අලි-මිනිස් ගැටුමින් හානියට පත් ව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත ප්‍රතිසංස්කරණයට ලක් කොට ඉදිකළ නව නිවසක් ද මෙම සංචාරයේදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
“ ගම සමග පිළිසඳරින්” ප්‍රතිලාභ අත්කරගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග කථා කළ ජනාධිපතිතුමා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
වෙලංවිට ග්‍රාමයේ අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව තිබී ඇති අතර කි.මි 6 ක දිගින් යුත් එම විදුලි වැට ද ප්‍රතිසංස්කරණය කර නැවත සක්‍රීය කර තිබෙනවා.

එක් කිලෝ මීටරයකට එක් අයෙකු බැගින් මාසිකව රුපියල් 7500ක දීමනාවක් ද හිමිවන පරිදි අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේම ජීවත් වන ගැමියන් 06 දෙනෙකු ට පැවරීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
බස්රථ සහ සෙසු ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර වෙලංවිට සිට කොස්ලන්ද, වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කි.මි 14ක මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතිනවා.

පානීය ජල ගැටලුවට විසදුම් ලෙස ඉදිකෙරෙමින් පවතින ජල යෝජනා ක්‍රමය ද මෙම සංචාරයේදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් ව තිබෙනවා.
රුපියල් මිලියන 54 ක් වැය කරමින් අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවලට විදුලිය ලබා දීමේ වැඩසටහන හරහා තෙමසක් තුළ නිවාස 83කට විදුලි සැපයුම ලබා දීමට හැකිවී තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් මෙන්ම ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට