දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින අවස්ථාවේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි දේශීය අර්තාපල් ගොවියන්පවසනවා.
රුපියල් 55 ක් වශයෙන් පැවැති ආනයනික අර්තාපල් බද්ද ඉකුත් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 දක්වා අඩුකර තිබෙන බව මේ වන විට හෙළිව තිබෙනවා.
දේශීය ගොවියා දිරි ගන්වන බවට කටමැත දොඩවන ආණ්ඩුව තමන් දේශීය අර්තාපල් අස්වනු නෙළන කාලයේදී ආනයනික අර්තාපල් සඳහා පවතී ආනයනික බද්ද රුපියල් 40කින් පහළ දැමීම හේතුවෙන් බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බව දේශීය අල ගොවියන් පවසනවා.
වැලිමඩ හා නුවරඑළිය අර්තාපල් මේ වනවිට වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර යාපනයේ අර්තාපල් ඉදිරි දිනවලදී ලැබීමට නියමිත බවත් වාර්තා වනවා.
පිටකොටුවේ තොග වෙළඳපොළේ ආනයනික හා දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ක් වශයෙන් පැවැති බවත් ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම තුළ ආනයනික අර්තාපල් වල තොග මිල රුපියල් 75 දක්වා අඩුවිය හැකි බවත් මේ වන විට වාර්තාවනවා.
දේශීය ගොවියා නගාසිටුවීමට බව පවසන ආණ්ඩුව හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට වාසි ලබා ගැනීම සඳහා මෙම තෙරණය ගෙන ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
© මුලාශ්‍ර – ලංකාදීප


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට