“අශ්ලීල ප්‍රකාශන” තහනම් කිරිම සඳහා නව පනතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්.
“”අශ්ලීල ප්‍රකාශන” යන්න මෙතෙක් නිශ්චිත ලෙස අර්ථ නිරූපණකට ලක් කර නැති නමුත් මේ හරහා මේ වන විට පවත්නා අපරාද නීති සහ සිවිල් නීතිය සම්බන්ධ කරුණු කිහිපයක්ද සංශෝධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි නීති විශාරධයන් පෙන්වා දෙන්නේ.
සාපරාධි අපහාසය මේ වන විට අපරාධ වරදක් ලෙස නොගැනෙන අතර එය සිවිල් වරදක් ලෙසයි දැක්වෙන්නේ.
මේ තත්වය තුළ “අශ්ලීල ප්‍රකාශන” තහනම් කිරීම යම් ආකාරයකින් මෙම කරුණ සම්බන්ධයෙන් ද මැදිහත් වීමක් සිදු කරනු ඇති බව ඔවුන් පවසනවා.
නව මාධ්‍ය ආගමනය සමග ඇතිව තිබෙන සමාජ වාතාවරණය “අශ්ලීල ප්‍රකාශන” තහනම් කිරීම සඳහා බලපෑමක් ඇති කර ඇති බවද වාර්තාවනවා.
අදාළ කැබිනට් තීරණය පහළින්
අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත –
තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිපදවන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2020 සැප්තැම්බර් 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදි. ඒ අනුව, නිති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි