Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවශ්‍යම මොහොතේ දැයේ දරුවන්ට සුරක්ෂා රැකවරණය අහිමි කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය ජනතා සහන අහිමි කර ව්‍යාපාර ගොඩ නැංවීමට කැප වන බවට චෝදනා

2017 වසරේ දී ලෝක ළමා දිනය යෙදුණු ඔක්තෝම්බර් පළවෙනිදා සිට හඳුන්වා දෙනු ලැබූ සුරක්ෂා රක්ෂණ ආවරණය මගින් මෙරට පාසල් දරුවන් ලක්ෂ හතළිස් පහකට ආවරණය සැලසුණා.

රජයේ පාසල් ,පළාත් පාසැල් , ජාත්‍යන්තර පාසල්, පිරිවෙන්, අර්ධ රාජ්‍ය පාසල් ඇතුළු සියලුම පාසල්වල ඉගෙනුම ලැබූ වයස අවුරුදු 5 ත් 19 ත් අතර දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය හිමිකම ලැබුණා.

එහිදී එක් දරුවෙකු වෙනුවෙන් වෙන්කරන ලද මුදල රුපියල් ලක්ෂ දෙකක්.

බාහිර ප්‍රතිකාර ලැබීමේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවන්, ඇස් කණ්ණාඩි ලබා ගැනීම, ‍ශ්‍රව්‍ය ආධාර උපකරණ ලබා ගැනීම ඇතුළු අවශ්‍යතාවයන් මේ හරහා දරුවන්ට මුදල් හිමි වූ අතර ලක්ෂ නවයකට ආසන්න ප්‍රතිලාභ ඔවුන්ට හිමිවූයේ නොමිලයේ වීම විශේෂත්වයක්.

මීට අමතරව මව පියා හෝ භාරකරුවන්ගේ අහිමි වීමක දී දරුවන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදීම සඳහා ද මෙම රක්ෂණාවරණය හරහා කටයුතු කරනු ලැබුවා.

මේ සඳහා රජයෙන් මුදල් වැය කළ අතර එය සලකනු ලැබුවේ ආසියානු කලාපයේ රටක් එහි ජීවත් වන සියලුම පාසල් දරුවන් වෙනුවෙන් දියත් කළ දැවැන්තම රක්ෂණ වැඩසටහන ලෙසයි.

එම වසරේදී රුපියල් මිලියන 2700 ක මුදලක් රජය ඒ සදහා වැය කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට අදාල රක්ෂණ වැඩසටහන අකාර්යක්ෂම වී ඇති අතර පාසල් දරුවන්ට ප්‍රතිලාභ ලබා නොදෙන තත්ත්වයට සිතාමතාම එය පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රතිලාභ ලබා දීමේදී සියලු දරුවන් වෙනුවට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා යැයි පවසමින් සීමාවක් පනවා ඇති අතර ‍ ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ කර ඇති බවටද චෝදනා එල්ල වනවා.

කොරෝනා වසංගතය හමුවේ රෝහල් ගත වීමට සිදුවන දරුවන්ට, මව පියා හෝ භාරකරුවන් අහිමිවන දරුවන්ට මෙම රක්ෂණ ක්‍රියාවලිය මනා අස්වැසිල්ලක් වන්නට ඉඩ තිබුණා.

නමුත් අප වෙත වාර්තා වන අන්දමට අධ්‍යාපන අමාත්‍යාංශය හෝ රජය මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ද නතර කර දමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේම නිලධාරීන් සඳහන් කරන්නේ රජය රක්ෂණ සමාගම් ආරක්ෂා කරමින් සිටිනවා මිස පාසල් දරුවන්ගේ සහන ලබාදීමට රජය කටයුතු නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වහා මැදිහත්ව කටයුතු කාලීන අවශ්‍යතාවයක් නොවන්නේද?

About The Author