Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවතැන් කදවුරුවල පිරිස් ඉඩම් ඉල්ලා විරෝධතා

Screenshot

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නෝර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතුයායේ භාරතීපුරම් දමිල මහා විද්‍යාලයේ ආරක්ෂිත කදවුරේ සිටින වතුකම්කරුවන් අද (17) දින එම වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය.

දිට්වා සුලි කුණාටුවත් සමගම එම වතු යායේ පහළ කොටසේ නායයෑමේ අවධානමක් හේතුවෙන් වතු කම්කරු පවුල් 50කට අයත් සාමාජිකයන් 307 දෙනෙකු සටොක්හොම් වතුයායේ පිහිටි භාරතිපුරම් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කිරිමට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු පාලන අධිකාරිය පියවර ගැනිණ.

නායයෑමේ අවධානමක් යැයි කියන එම වතුයායේ වතු නිවාස සහ තේ වත්ත ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් (16) දින පැමණ භූමිය පරික්ෂා කර බලා නායයෑමේ අවධානමක් එම වතු යායේ නොමැති බවට නිර්දේශ කිරිමත් සමග තමන් රැදී සිටින ආරක්ෂිත කදවුරින් ඉවත් වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දී ඇති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතුකම්කරුවන් කියා සිටින්නේ.

මස්කෙළිඔයට ඉහළින් පිහිටි තම වතුයායේ මේ වන විට විශාල ලෙස ඉරි තලා ඇති බවත්, එම තත්ත්වය මත තමන් පදිංචි නිවාසවල බිත්තිද පුපුරා කඩා වැටිමේ අවධානමකට ලක් වී ඇති බවයි උද්ගෝෂණයේ නිරත පිරිස කියා සිටියේ.

තමන්ට නිවසක් ඉදි කර ගැනීමට තම වතුයායේම සුදුසු ඉඩමක ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙසත්, වත්මන් ජනපති අනුරකුමාර දිසානායක මහතා කෙරෙහි වතු කම්කරුවන් පූර්ණ විශ්වාසය තබා ඇති නිසාත් තමන් නිවසක් ඉදි කර ගැනීමට ඉඩම් කැබැල්ලක් ජනාධිපතිවරයා ලබා දෙන බවට තමන්ට විශ්වාසයක් ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ. තමන්ට ඉඩම් කැබැල්ලක් ලබාදෙන තෙක් දැනට තාවකාලිකව රැදී සිටින ස්ටොක්හොම් වතුයායේ භාරතීපුරම් දමිල මහා විද්‍යාලයේ ආරක්ෂිත කදවුරේන් ඉවත් නොවන බවද උද්ගෝෂණයේ නිරත වතු කම්කරුවන් වැඩි දුරටත් පැවසීය.

About The Author