සංයුතිය පිළිබඳ සිලින්ඩරයේ මුද්‍රණය තිබු ගෑස් සමාගම් විසින් සුක්ෂමව මකා දැමු දත්ත නැවත ඇතුළු කිරීමත් අනිවාර්ය කරයි
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර අලෙවි කිරීමට කටයුතු කල ගෑස් සමාගම් සහ වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කල රිට් පෙත්සම පසුගියදා (17) කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය සිදු කර තිබෙනවා.
පෙත්සම කැඳවූ අවස්ථාවේ ගෑස් සමාගම් වෙනුවෙන් පෙනී සිටී තිබුණු දන්වා තිබෙන්නේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අනුමත කරන ලද ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට තමන් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙන්නේ මේ වන විට බෙදාහැර ඇති ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සහ මේ වන විට නිවෙස් තුළ ඇති ප්‍රමිතියෙන් තොර භාවිතයට ගෙන ඇති ගෑස් සිලින්ඩර ද නැවත කැඳවීම සඳහා කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව අධිකරණය දැනුම් දී තිබෙන්නේ වෙළඳපොලේ ඇති මුද්‍රා නොකැඩු සිලින්ඩර වහා ගෙන්වා ගන්නා ලෙස අදාළ සමාගම් වලට නියෝග කර තිබෙනවා.
එමෙන්ම දැනට නිවෙස් වල භාවිතයට ගෙන ඇති අදාල සමාගම් විසින් නිකුත් කළ අඩක් භාවිතයට ගෙන ඇති ගෑස් සිලින්ඩර ද ක්‍රමවේදයක් සකසා වහා නැවත භාර ගන්නා ලෙස ද අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මීට අමතරව දැනට ගෑස් සමාගම් විසින් සිතා මතාම පළුදු කර ඇති බව හෙළිවී ඇති ගෑස් සිලින්ඩර වල සංයුතිය සහ ප්‍රමිතිය ඇතුළත් කොටස යළිත් සිලින්ඩරයේ මුද්‍රණය කරවන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට