Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අලුතින් නාය යා හැකි ස්ථාන රැසක්

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය පහව ගොස් සතියකට ආසන්න කාලයක් ගතව ඇතැත් තවමත් ඇතැම් ප්‍රදේශවල නායායෑම් සක්‍රිය වීමේ සිදුවීම් වාර්තා වනවා.

සංචාරක ආකර්ෂණය බහුල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නායයාමේ අවදානමකට ලක්ව තිබීම මෙන්ම කඳු නැගීමට ප්‍රචලිත හාලි ඇල – නාරංගල වැනි ප්‍රදේශ ද නායයෑමට මුහුණ දී තිබෙනවා.

දෙමෝදර නැරඹුම් වේදිකා කන්දට අමතර බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් අලු‍තින් නායයාම් ස්ථාන 04 ක් හඳුනාගෙන ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර තිබුණේ.

About The Author