මව් ඇතින්න මරා අලි පැටවුන් උස්සා ඇත්තේ මහ වනයෙන් – අලගිය මුල ගිය තැන් එළියට
ශ්‍රී ලංකාව තුළ සිදුවන මහා පරිමාණ අලි ජාවාරමක් පිළිබද නැවත වතාවක් කරුණු හෙළි වන්නට පටන් ගෙන තිබෙනවා.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත පවා උල්ලංඝනය කරමින් මෙම මහා ජාවාරම සිදු කරන්නේ කවුද?
මේ පිළිබඳව පරිසර සංවිධාන මෙන්ම නීතිඥවරුන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමුව ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි.
මීට අමතරව මෙරට ප්‍රධාන විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේ, ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් රැසක් ද මෙම ජාවාරමට සම්න්බන්ධ බවට තොරතුරු සාක්ෂි සහිතව ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
2015 වසරට පෙර මේ පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ පැවති අතර යහපාලන රජ සමයේ ඊට සම්බන්ධ අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පැවසුනද එවැන්නක් නිසි අයුරින් සිදුව නොමැති බවද ඔවුන් හෙළිකරනවා.
පෙරහැර සහ සංස්කෘතිය ඉදිරියට දමා රටේ ජනතාව නොමග යවමින් සිදුකරන මෙම ජාවාරම පිටුපස සහාසික අපරාධ රැසක්ද සඟවාගෙන ඇති බව පරිසර වේදීන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කළ පරිසරවේදී සජීව චාමිකර මහතා Mee Massoo TV වෙත සඳහන් කළේ මෙම අපරාධයේ සුළමුල ජනතාව දන්නේ නම් කිසි ලෙසකින් ඔවුන්ද මෙම සාහසික ක්‍රියාවන් අනුමත නොකරනු ඈති බවයි.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට