එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය හැදුවේ මට උපදෙස් ගන්න විතරයි : කලබල වෙන්න එපා නීති හදන කොට ඔයා මැදිහත් වෙන්න කියා අස්වසා ඇති බව මාධ්‍ය වාර්තාකරයි
අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ භාරදී තිබේ.
නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙම තීරණය ගෙන තිබිණි.
රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව සබ්රි මහතා පෙන්වා දී ඇති අතර එම පත්කිරීම පිළිබඳව තමන්ගේ පැහැදීමක් නැති බවද පවසා තිබේ.
නමුත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමට නොවන බවයි.
එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙම කතාබහ අතරතුර අධිකරණ ඇමැති අලි සබ්රිගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද වාර්තා වනවා.
ඉහත පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවත් වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට