Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අලි පැටවුන් 14 දෙනෙකු වංචනික ලෙස මුදාහැර ඇති බව පවසමින් නීතිපතිවරයා, වනජීවිය සහ CID යට එරෙහිව පරිසරවේදීන් නඩු මගට

අලිපැටවුන් නිදහස් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ඇති බවට චෝදනා

නීති විරෝධී ලෙස වනයෙන් අල්ලා ගත් අලි පැටවුන් ළඟ තියා ගත් බවට චෝදනා එල්ල කරමින් පසුගිය කාලයේ වනජීවී භාවයට පත් කර සිටී අලි පැටවුන් දාහතර දෙනෙකු ඔවුන්ගේ හිමිකරුවන් ලෙස පෙනී සිටී පුද්ගලයින් දහතුන් දෙනෙකුට නැවත ලබා දෙන ලෙස නියෝග කරමින් ලබා දුන් අධිකරණ නියෝගය බල රහිත කරන ලෙස දන්වමින් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බව පරිසර සංවිධානය පවසනවා.

පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ මෙම ජාවාරම්කරුවන් රටේ පරිසරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් බලාත්මක කර ඇති ආඥා පනත් සියල්ල අභියෝගයට ලක් කරමින් කටයුතු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වගකිව යුතු බවටත් එබැවින් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් අලි ඇතුන් ජාවාරමට එරෙහිව කටයුතු කරන බව නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ද සඳහන් කළා.

ඔහු පැවසුවේ පසුගිය සැප්තැම්බර් මස 6 වෙනි දා අදාළ අලි පැටවුන් මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ද අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු කටයුතු සිදුකරන බවයි.

මේ සම්බන්ධව දහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ වන සතුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා බලපවත්වන්නාවු නීතිය ඇතුලත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව ලියාපදිංචි නොකළ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව චෝදනා එල්ල වී තිබියදී නව නීතියක් හරහා එහි පැරණි හිමිකරුවන්ටම නඩු නඩු භාණ්ඩවල භාරකාරත්වය යළි ලබා දීම රටේ නීතිය අභියෝගයට ලක් කළ අවස්ථාවක් බවයි.

මේ අනුව දැනට උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනෙක් මාස 03 ක් ඇතුලත ලියා පදිංචි කිරීමේ කොන්දේසිය මත මුදාහැරීම සත්ව අයිතීන් රැකගැනීමේ සංවිධානවල මෙන්ම පරිසරවේදීන් ඇතුලුව පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ විමතියට හේතු වී ඇතැයි ද විතානගේ මහතා කීය.

අලි පැටවුන් ජාවාරමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගෙන ගිය දැඩි බලපෑමිවල ප්‍රතිඵලයක් වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 දෙනෙක් අත් අඩංගුවට ගෙන එහි චූදිතයන්ට පසුගිය කාලයේ නඩු පවරා තිබුණා.

මෙම අලි පැටවුන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ මේ රටේ දේශපාලනික බලවතුන් වන බවද අපට දැනගන්නට ඇතැයි කී ඔහු බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමඟ වන සංරක්ෂණ අමාත්‍යවරයා එක්ව 2021 මාර්තු මස 12 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා මෙම අලි පැටවුන් නිදහස් කර ගැනිමට සිදුකළ ඉල්ලීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම බිඳ වැට්ට වීමට හේතු වූ බවද සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පරිසරවේදී සජීව චාමිකර මහත . අප සමග මෙලෙස අදහස් පළ කළා.

About The Author