Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අර්බුදය මැද ඇමතිවරු 07ක් දිවුරයි

ඇමති කමිටුවෙන් නිදොස් කොට නිදහස් කළ හිටපු රාජ්‍ය ඇමති අරුන්දිකත් ඇමති කම භාර ගනී

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

සිය පුත්‍රයා සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුව මගින් අරුන්දික ප්‍රනාන්දු මහතා අදාළ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව දන්වා තිබුණා.

එම වාර්තාවද ඊයේ දිනයේ නිකුත් වීම විශේෂත්වයක්.

මේ අතර කලකිරීම් හේතුවන් සිය අමාත්‍යධුරය අතහැර දමා යන බවට සමාජයේ කතා බහට ලක් වූ සී.බී රත්නායක මහතා අද දිනයේ නව කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දෙනු ලැබුවා.

සී.බී. රත්නායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන අමාත්‍ය
විමලවීර දිසානායක මහතා – ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා – පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

About The Author