මහින්දගේ ගෙදර දේව පුජාවකුත් තියලා
හිටපු ජනපති ගෝඨාභයත් හමුවෙලා
රාජපක්ෂ රජය ආරක්ෂා කරගැනීම සඳහා සහ ජනතා අරගලය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාව වහාම ශ්‍රී ලංකාවට යැවිය යුතු බව පැවසූ ඉන්දීය දේශපාලඥයකු වන සුබ්‍රමනියම් සාමි මහතා ලංකාවට පැමිණ තිබෙනවා.
පසුගිය කාලයේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්වය හමුවේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ පාරිශුද්ධ බව ආරක්ෂා කිරීමට මෙලෙස ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව වෙත යැවිය යුතු බවට පෙන්වා දී ඇත.
භාරතීය ජනතා පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතාට රජයේ දේපල අවභාවිතා කිරීමේ සිදුවීමකට අදාලව දිල්ලි මහාධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබුණා.
ඒ අදාළ දේපළ වහා රජයට භාර දීමට පියවර ගන්නා ලෙසද දැනුම් දෙමින්.
කෙසේ වෙතත් මේ වන විට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.
ධුරය අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු මුල් වරට විදෙස් දේශපාලකයෙකු සම්බන්ධ වූ හමුවද මෙය බවයි පැවසෙන්නේ.
මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණ සිටින සුබ්‍රමනියම් සාමි මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දේව පුජාවක් සංවිධානය කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.
ශ්‍රී ලංකා හමුදාවන් සිටියදී මහජන අරගල මර්ධනය කිරීම සඳහා ඉන්දීය හමුදා එවිය යුතු බව කියූ සුබ්‍රමනියන් සාමි මහතා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී පැවැත්වෙන ජාතික ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවද දැන ගන්නට තිබෙනවා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී