අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේ සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
මෙම සැකකරු අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා.
එහිදී පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු ඉකුත් 09 වනදා අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්ර දෙකක් සොරකම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
එදින පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්රාත්වරයා පොලීසියට දැනුම් දී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි