Online ක්‍රමයට මත්පැන් විකිණීමට මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදුන් අවසරය සහ මත්පැන් Online ක්‍රමයට විකිණීමේ උත්සාහය අභියෝගයට ලක් කරමින් රජයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට “ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය” කටයුතු කරමින් සිටිනවා.
ඒ මෙම ක්‍රියාවලිය හරහා සුරාබදු පනතේ විදිවිධාන රැසක් උල්ලංඝනය වන බව දක්වමින්.
සුරාබදු පනත අනුව කිසි ලෙසකින් මත්පැන් අලෙවි කිරීමේදී අදාළ බලපත්‍ර ලාබී පරිශ්‍රයෙන් පිටතට මත්පැන් අලෙවි කිරීමට කිසිදු අවසරයක් හිමි නොවන බව ඔවුන් පෙන්වා දෙන එක කරුණක්.
එමෙන්ම සුරාබදු පනතේ අඩංගු විධිවිධාන කෙරෙහි ද තවදුවරටත් අවධානය යොමුකරන “ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය” පෙන්වා දෙන්නේ “ඕනෑම බලපත්‍රලාභියෙකු හෝ ඔහුගේ නියෝජිතයෙකු, නියෝජිතයෙකු හෝ සේවකයෙකු සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම” බලපත්‍රය සඳහන් කර ඇති පරිශ්‍රයට පිටත ස්ථානයකදී සිදු කිරීම නීති විරෝධී බවයි.
එබැවින් Online ක්‍රමය හරහා මත්පැන් විකිණීමට කිසිදු හැකියාවක් නොමැති බව ද ඔවුන් අවධාරණය කරනවා.
මීට අමතරව මත්පැන් ප්‍රවාහනය කිරීම සඳහා ඇති නීතිමය ගැටළු, මත්පැන් අළෙවි කිරීමට අදාළ වයස් සිමාවන්, අලෙවි කිරීම හරහා සිදුවන ප්‍රවර්ධනය.. ආදී ගැටළු රැසක් පිළිබඳව ද ඔවුන් අවධානය යොමු කර තිබෙනවා.
යම් හෙයකින් මෙම නියමයන් උල්ලංඝනය කිරීමට යම් බලපත්‍ර ලාභියෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අවලංගු වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
මෙම නීතිමය තත්වයන් බැහැර කරමින් රජයට කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු පනත සංශෝධනය නොකොට කටයුතු කළහොත් මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට තම සංගමය කටයුතු කරන බවයි.
මේ අනුව online ක්‍රමය යටතේ මත්පැන් අළෙවිය සිදු කිරීමේ කටයුත්ත අභියෝගයට ලක්ව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට