Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අයහපත් කාළගුණය ජන ජීවිතයට බාධා ඇති කරයි

රාජාංගණය, අංගමුව, කලාඔය, උඩවලව, තබ්බෝව සහ මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු රැසක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මී ඔය, ඌරු බොකු ඔය, උඩවලව ඔය, කලාඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ යනාදියෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය පවසනවා.

මේ අතර බදුල්ල, මහනුවර, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද (07) දිනය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

මේ අතර වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයට ඊයේ (06) පස්වරුවේ හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25කට හානි සිදුව තිබේ.

අද (07) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකිය.

About The Author