අමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවත් සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ මිස්ටර් 20 % හෙවත් බැසිල් රාජපක්ෂ මහතා බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ඔහු මේ අදහස් පලකළේ අද (15) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩු පාලකයින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළ චීන කොලනියක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ඉදි කෙරෙන නගරය වෙනුවෙන් වෙනම පාලක සභාවක් නිර්මාණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධය පල කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබු අතර පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට