Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අම්මට තාත්තට උනත් ගරහන්න එපා සජිත් : එජාප මහලේකම් විපක්ෂ නායකට කියයි

වාරිමාර්ග ගොඩනැගීමට යහපාලන අගමැති රනිල් සහය නොදුන් බවට විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශයකට සැර ප්‍රතිචාරයක්

පසුගිය යහපාලන රජය සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාරිව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට සහය නොදැක්වූ බව පවසමින් එවකට එක්සත් ජාතික පක්ත්ෂ නියෝජ්‍ය නායක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් එජාප මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදාළ ප්‍රකාශය පිළිබඳව එවකට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය දරමින් කටයුතු කළ පුදුමට සහ කනගාටුවට පත්වන බවයි.

යහපාලන රජය සමයේදී වාරිමාර්ගය සංවර්ධනය වෙනුවෙන් කළු ගඟ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ බව පෙන්වා දුන් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය කාලයේ දියත් කළ වාරි වැඩසටහන් රැසක් පිළිබඳවද සිහිපත් කළා.

දේශපාලන වශයෙන් බලය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන කුහක ප්‍රකාශ කිසිවිටෙකත් අනුමත නොකරන බව සඳහන් කළ එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ බොරු කියමින් ජනතාව රවටා මුලා කර ලබාගන්නා ජයග්‍රහණ වලට වඩා සත්‍යය ප්‍රකාශ කොට ලබන පරාජය පිළිබඳ තමන් සතුටු වන බවයි.

තමන් උපන් තැනට මව්පියනට අපහාස කරන පුද්ගලයින්ට පිරිහීම අත් වන බව බුද්ධ දේශනාවෙහි ද දැක්වෙන බව පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී සිහිපත් කළා..

මීට පෙරද යහපාලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට නොදන්නවා මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කර තමන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කළ බවට සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය දේශපාලනය තුළ දැඩි කතාබහකට ලක් වුණා.

About The Author