දැනට වසර විස්සක පමණ සිට මිනිස් වර්ගයා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ එහා මෙහා යමින්, යම් යම් ආකාරයේ පර්යේෂණ සිදු කරමින් සිටිති. එහෙත් ඔබ අප වන් සාමාන්‍ය මිනිසුන් වන ඔවුනට ද සිය මූලික සසනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අයිතියක් ඇත. වැසිකිළි පද්ධතිය ද එවැන්නකි.
සඳුදා දිනයේ එම මධ්‍යස්ථානය වෙත ලැබුණු අට දහසක් පමණ වූ සැපයුම් අතරින් ET නම් වූ වැසිකිළි පද්ධතිය ද එකකි. එය නිළ වශයෙන් හැඳින්වෙන්නේ “විශ්වීය කසළ කළමනාකරණ පද්ධතිය” යනුවෙනි. අදාළ පද්ධතිය ගොඩනඟා තිබෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවයෙහි යෙදෙන කාන්තා සහ පිරිමි ගගනගාමීන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ය.
මේ අතර සිකුරාදා රාත්‍රියේ අලුතින් ම හඳුන්වා දුන් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය, අනාගතයේ දී පෘථිවියේ ජීවත් වන ඔබ අප සියලුදෙනාගේ ම ජීවිත අඩියක් හෝ ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇති අතර, එමඟින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා ද මෙයට වඩා වැඩි පරිමාවකින් ඉෂ්ට කෙරෙනු ඇත.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්