Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපේ කැපුවට එයාලගේ කපන්නේ නෑ ආයුබෝවන්

මහජනයාට පින් සිද්ධවෙන්න හොරට නාපු දහයක් පොල්ල තියලම මැරිලා

තම නිල නිවාස වල ජල බිල්පත් මෙතෙක් ගෙවා නැති මැති ඇමතිවරුන් 30 කගේ එම හිග මුදල් මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන් කර දෙන්නැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ රටේ ජනතවගේ මාස දෙක තුනක හිඟ බිල්පත් සලකා බලා ජල සැපයුම සහ විදුලිය සැපයුම අත්හිටුවන තත්වයක් තුළයි.

හිග බිල්පත් ගෙවීමට සිටින මැති ඇමතිවරුන් ප්‍රමාණයක් හතලිහක් වන අතර ඔවුන්ගෙන් දස දෙනකු මිය ගොස් ඇති නිසා එම දස දෙනාගේ හිග බිල්පත් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

එක් මන්ත්‍රීවරයෙකුගේ හිග බිල්පත රුපියල් ලක්ෂ 20 ඉක්මවන බවද මණ්ඩලයෙ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම බිල්පත් කඩිනමින් ගෙවන ලෙස දන්වා මෙම සතියේ දී අවසන් නිවේදනද යොමුකර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව තවදුරටත් එම බිල්පත් ගෙවීම පැහැර හරින මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දැනුම් දී ඇති බවද පැවසෙනවා.

About The Author