තම පිරිස ඉතා වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කරන නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සාර්ථක වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගියදා (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය,
“අද කොවිඩ් 19 රෝගය මර්දනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව කරගෙන යනවා. අද ලෝකයේ කොවිඩ් 19 සම්බන්ධයෙන් තුන්වෙනි රැල්ලක් මතුවෙලා තියෙනවා. අපේ අල්ලපු රට ගත්තොත් ඉන්දියාවෙ දවසකට ලක්ෂ දෙකක් පමණ රෝගීන් හමුවෙනවා. අපි වෙහෙස මහන්සිවෙලා කටයුතු කරන නිසා තමයි අද ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අඩුවීගෙන යන්නේ. ඒ වගේම මරණ සංඛ්‍යාව අඩුවීගෙන යන්නේ. සුවපත් වෙලා ගම්බිම් බලාගෙන යන පිරිස වැඩිවෙලා තියෙන්නෙ.
එහෙම කටයුතු කරන්නෙ නෑ කීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂය ඔය ආකාරයෙන්ම චෝදනා කළා කොවිඩ් 19 සම්බන්ධයෙන් අපේ එන්නත්කරණ වැඩසටහන අසාර්ථකයි කියලා. අපි ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන යනවා”
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍රයේ කටයුතු කරන වෘත්තිය සමිති රැසක් පවසන්නේ අවුරුදු සමයේදී කොරෝනා මර්ධන උපදෙස් බැහැර කරමින් ජනතාව හැසිරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට