Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි හාවො කියලද හිතන්නෙ ?

චීන්නු අපි ගැන හිතන්නෙ අපි ඉස්සර එයාලා ගැන හිතුව විදිහට වගේ.

අපි ඉස්සර එයාලට කිව්වෙ “කොණ්ඩෙ බැඳපු චීන්නු” කියල සෝපහාසයෙන්.

මේ පහළ තියෙන පෝස්ට් එකෙන් එයාල දැන් අපි ගැන හිතන්නෙත් කොණ්ඩෙ බැඳපු මෝඩයො ගානට කියල පැහැදිලියි.

චීනෙන් එකපාරටම “ලංකා කුමරියක්” මතුවෙලා.

මේ වෙනකන් මේ රටට ආව ගිය එක චීනෙක් අපිට කියල නෑ ලංකා කුමරිය ගැන.

ඒ මදිවට එතුමිය හයවන මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ රාජ සභාවේ සාමාජික කුමරුවෙකුගෙන් පැවත එන්නියක්ලු. ( මුන් හිතන් ඉන්නෙ අපි කැරට් කන හාවො කියලද දන්නෙ නෑ ) ඒ කියන්නෙ එයාට මේ රට ගැන රාජකීය උරුමයක් තියෙනවා.

අනික එකපාරටම මේ කියන කුමරිය බීජිං නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට ගිහිල්ල වෙසක් උත්සවය සමරල.

ඒ කියන්නෙ මේ කුමරිය බෞද්ධ. මෙච්චර කාලයකට ඔය කුමාරි වෙසක් සැමරුව කියල අපිට ආරංචි වෙලා නෑ.

දැන් මේ තකහනියෙ චීන්නු ලංකා කුමරියක් කියල තනිකර චීන පෙනුමක් තියෙන කෙනෙක් අන්දගෙන ආවහම අර තානාපති කාර්යාලයේ බත් කන අහවල්ලු මේ කුමරියව දනින් වැටිල පිළිගත්තද දන්නෙ නෑ.

ඒ මදිවට වෙසක් සැමරුව කියල ඡායාරූපත් මාධ්‍යයට නිකුත් කරල.

පහුගිය දවස්වල චීන ජාතිකයො සිංහලෙන් කතා කර කර අපේ භාෂාවෙ අගේ අපිටම උගන්නන ෆේස්බුක් පෝස්ට් දාල තිබුන.

මේ වෙන මොනවටවත් නෙමෙයි, චීන්නු මේ රට ඇල්ලුවට බයවෙන්න එපා, එයාල මේ රටට, භාෂාවට පුදුමාකාර ආදරයක් තියෙන්නේ කියල කියන්න. අනික කොළඹ වරාය නගරය අල්ලගෙන එයාල Belt and Road Initiative වැඩසටහන යටතේ මේ රටේ පාලනය එයාලට ඕනෙ විදිහට කරගන්න පටන් ගත්ත ගමන් මෙන්න යකෝ සිංහල බෞද්ධ පරාක්‍රමබාහු රජසමයේ කුමරුවෙකුගෙන් පැවත එන නෝනා කෙනෙකුත් ඇවිල්ල වෙසක් සමරනව.

අපි හාවො කියල මේ රටේ පාලකයොයි , එයාලගේ චීන හාම්පුත්තුයි හිතුවට මේ රටේ කිසි මිනිහෙක් මේ මරි මෝඩ චූන් වලින් රැවටෙන්නෙ නෑ.

හෙට අනිද්දා අධිවේගී මාර්ග ජාලය හා සම්බන්ධ වෙන, වරාය නගරයේ සිට දිවෙන චීන හිමිකාරීත්වයට යටත් මාර්ගයක් සෑදීමේ සිට ලංකාවේ මර්මස්ථාන රාශියකට සිදුවෙන දේ බලාගන්න පුලුවන්.

තමන්ගේ මාතෘ භූමිය චීනයට පාවාදීල, ඒ මදිවට චීන්නු කියන ලංකා කුමාරිව පාවඩදාල පිළිගන්න දවස මේ වහල් ක්‍රමවේදය ඇතුලේ නුදුරේදීම සිද්ධවෙයි.

හැබැයි චීන්නුන්ටයි, එයාලගේ අන්තේවාසික පාලක ජුන්ටාවටයි අපිට කියන්න තියන්නේ “අපි හාවො නෙමෙයි” කියල විතරයි.

තමුන්ලට මේ රට චීන යුවාන්වලට නිදි වද්දන්න කිසිවෙක් ජන වරමක් නොදුන් බව මතක තබාගැනීම යහපති.

© නීතිඥ සංජිව සෙනවිරත්න

මෙම ලිපිය එහි කතුවරයා විසින් සිය Facebook ගිණුමේ පල කිරීමෙන් අනතුරුව අප වෙත ඒවා තිබු ලිපියක් බව සළකන්න. පුරවැසියන් සතු නිදහස් අදහස් පළකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ හිමිව ඇති නිදහස සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ගිවිසුම් ගත වෙමින් පිළිගෙන ඇති පුරවැසි අයිතිවාසිකම් අනුව මෙම ලිපිය අප විසින් පළ කර ඇති අතර මෙහි අඩංගු කරුණු සම්බන්ධ වගකීම ලිපියේ කතුවරයා සතුවේ.

About The Author