Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“අපි කොන්‌‌ඩෙ බැඳපු චීන්නු කියල හිතනවද දන්නේ නෑ, අපිට සීනි බෝල කවන්න එපා අවශ්‍ය දේ කරන්න” – කාදිනල් හිමි අවධාරණය කරයි

ජනතාවට සීනි බෝල කැවීමෙන් සහ පල රහිත පැලැස්තර ක්‍රියාවන් සිදු නොකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ නැවතත් අවධාරණය කරනවා.

මේ අතර රටට අහිතකර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂයක සහයෝගය ලබා ගැනීමේ සිදු වීමක් පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් පලකලා.

තමන්ට බලය ගැනීමට හෝ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට සුළු ජාතික ඡන්ද අවශ්‍ය නැති කි පාලකයෙකු මුස්ලිම් පක්ෂයක් සමග ඩීල් දමමින් 20 වන සංශෝධනයට සහය ලබා ගැනීමේ සිදු වීම් ජනතාවට අවබෝධ නොවන්නේ යැයි සිතා පාලකයින් කටයුතු කරන බව පැවසු අගරදගුරු හිමියන් ඔවු ජනතාව කොන්ඩ බැඳපු චීනුන් යැයි සිතා සිටිනවා දැයි යන ප්‍රශ්නය මතුවන බවද සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට වසර 2 ක් සපිරෙන එළඹෙන 21 වනදා සියලු කතෝලික පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කළ යුතු බවත් එදින එම දරුවන්ට ආගමික වතාවත් සිදු කිරීමට අවසර ලබා දිය යුතු බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළා.

About The Author