පාරාවෝ දුටුවේ මෝසෙස්තුමාව පමණකි.
මෝසෙස්තුමන්ව තෝරාගෙන, බලගන්වා, එතුමන් සමග නිරන්තරයෙන් සිටියා වූ සියලු බලැති දෙවියන් වහන්සේව, පාරාවෝ නොදැක්කේය.
ව්‍යසන ගණනාවකට පසුව වුව පාරාවෝ දුටුවේ මෝසෙස්තුමාව පමණකි.
රතු මුහුද ඉදිරියට පැමිණි ඊශ්‍රායෙල් ජනතාව, මුහුද සහ ඔවුන් පිටුපස හඹා ආ ඊජිප්තු හමුදාව මැද අසරණ වූහ.
ඊශ්‍රායෙල් ජනතාව විනාශයැයි පාරාවෝ සිතන්නට ඇත.
ඊශ්‍රායෙල් ජනතාව ඉදිරියේ රතුමුහුද දෙබෑ වෙද්දී ඒ මහා බලය හුදු මිනිසකු වූ මෝසෙස්තුමන්ගේ නොව එතුමන් ඉදිරියෙන් වැඩම කළ මහෝත්තම දෙවියන් වහන්සේගේ බව පාරාවෝ තේරුම් ගනිද්දී ඔහුගේ හමුදාව මුහුදේ ගිලී විනාශ වී හමාරය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය, සාධාරණත්වය ඉල්ලා අරගලයක යෙදෙන සැමදෙනා හුදු දුර්වල මිනිසුන් වෙති.
එහෙත් ඔවුන් සමග වැඩ සිටින්නේ සියලු බලැති දෙවියන් වහන්සේ ය.
එහෙයින් කිසිදු මිනිස් බලවේගයකට ඒ අරගලය පරාජය කළ නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.
මේ අරගලයේ යෙදෙන කිතුනු, නොකිතුනු සියල්ලන් සමග නිරතුරුවම දෙවි මහෝත්තමයාණෝ වැඩ සිටින බව මම විශ්වාස කරමි.
එහෙයින් අපි කවදා හෝ රතු මුහුද තරණය කරමු!
ජේසු පිහිටයි.
© සිරිල් ගාමිණී පියතුමා
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?