මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.
53 හැවිරිදි මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස අසළට යෑමට උත්සහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එය වැළැක්වීමත් සමඟ ඔහු අසළ ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරකට නැඟ සිය විරෝධය පලකර විදුලි කප්පාදුවෙන් ජනතාවට සිදුවන ගැහැට සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් බවයි පැවසෙන්නේ.
ජනතාව පීඩාවට පත් නොකරන ලෙස ඔහු ඉල්ලා සිටි බවද සඳහන්.
එහිදී ඔහු විදුලි කම්බි දෙකක් එකවර ස්පර්ශ කර සියදිවි නසාගැනීමට තැත්කර කර ඇති අතර එහිදී අනතුරට ලක් වූ අදාළ පුද්ගලයා බිම ඇද වැටී තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි නානායක්කාර නම් විරෝධතා කරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබන අතරතුර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

© මුලාශ්‍ර – News 19


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට