පසුගිය දිනවල රටපුරා විරෝධතා ව්‍යාපාරවල නියැලි සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ චෝදනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත එල්ල කල යුතු යැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පවසනවා.
පාර්ලිමේන්තුවේදි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් සරත් විරසේකර ඇමතිවරයාගෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ කාගේ නියෝග වලට අනුව දැයි ප්‍රශ්න කල අවස්ථාවේ ඊට පිලිතුරු ලෙස “අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස්පතිට චෝදනා කරන්න එපා. චෝදනා කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට” යනුවෙන් ඔහු පිළිතුරු දෙනු ලැබුවා.
මහජනතාව විශාල වශයෙන් එක්වන උද්ඝෝෂණ විරෝධතා හේතු නිසා කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරී යන වනු ඇති බවත් එනිසා ඒවා නතර කිරීමට වහා පියවර ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කරනවා.
එසේ අත්අඩංගුවට ගන්නා ඇතැම් පිරිස් වලට අධිකරණයෙන් ඇප හිමි වුවද නිරෝධායනය සඳහා යැවීම හෝ නොයැවීම පිළිබඳ තීරණය කරනු ලබන්නේ පොලිසිය විසින් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බවද ඔහු අවධාරණය කළා.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (08) දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස මේ වන විට මුලතිවුහි නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සිටින බවයි.
ඔවුන් සතුටින් සිටින බවත් ඔවුනට අවශ්‍ය ඇදුම් පැලදුම් ලබා ගැනීමට තමන් මැදිහත් නොවුනේ ‘ස්ටාලින්ට ඇදුම අරන් ගියා’ යයි තමනට විවේචන එල්ල වන නිසා බවද තව දුරටත් පැවසීය.
කෙසේ වෙතත් පසුගිය දිනවලදී නිරෝධායන රෙගුලාසි කඩ කරමින් උපන්දින සාදයකට සහභාගී වූ පට්ටියගේ පියුමි හංසමාලි මහත්මිය වෙත ඇඳුම් රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ නම පටලැවී තිබුණා.
නිරෝධායනයට ගෙන ගිය පිරිස ඇඳ රෙදි ඇඳන් – අඳින්න වස්ත්‍රයක් වත් තිබුණේ නෑ – ජෝසප් ස්ටාර්ලින්
මේ අතර කොතලාවල විශ්වවිද්‍යාලය රැකගැනීම වෙනුවෙන් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා රැගෙන ගොස් දැනට මුලතිව් වල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වන විට තමා ඇතුළු පිරිසට අවශ්‍ය ඇඳුම් පැළදුම් ප්‍රදේශයේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් ගෙනවිත් දුන් බවයි.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන් ඇතුළු පිරිස මුහුණදෙන තත්වය අනාවරණය වීමෙන් පසු මේ වන විට අවශ්‍ය පහසුකම් සියල්ල අඩුවකින් තොරව සපයා දීමට අදාළ වගකිව යුත්තන් කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා.
චන්දිමාල්ගේ පාටියට ගිය අය නිරෝධායනය කල හැටිත් සමාජ මාධ්‍ය ජාල අවුස්සයි
මේ අතර පසුගියදා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සිය භාරයට ගෙන නිරෝධායන සඳහා රැගෙන ගොස් බදුල්ල පස්සර ප්‍රදේශයේ නිරෝධය මධ්‍යස්ථානයක රඳවා සිටී පියුමි හංසමාලි ඇතුළු පිරිසට ලබාදුන් ආහාර සහ සැප පහසුකම් සම්බන්ධයෙන්ද මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුළුල් කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිරෝධායනයට යොමු කරන ලද රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී ඇන්තනී මහත්මිය විසින් නිරෝධානය ඔවුන්ට ලැබුණු ආහාර පිළිබඳව සමාජ මාධ්‍ය ජයාරූප පෙළක් පළ කර තිබුණා.
උදෑසන, දවල් සහ රාත්‍රී ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව දිනකට තවත් තේ සමග කෙටි ආහාරයක් ලබා දුන් අයුරු ද ඇය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණේ ඒ සඳහා සිය ස්තුතිය ද පළකරමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට