ජනපතිවරයා හමුවීමෙන් පසු ගත් තීරණයක්
අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ ප්‍රධානින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (11) පැවති හමුවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් ද සැළකිල්ලට ගත් බවයි.
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් සංචාරක තහනමක් පනවා තිබුණා.
රජය මේ වන විට සංචාරක කර්මන්තය නැවත නඟා සිටුවීම පිළිබඳ පුර්ණ අවධානය යොමු කර ඇති අතර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට දකුණු අප්‍රිකාණු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරසය පැතිර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
ලොව පුරා රටවල් 49කින් පමණ ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වි ඇති බැවින් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල්වලට පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා.
උත්තරය බූස්ටරේ
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඕමික්‍රොන් විකෘති ප්‍රභේදයට එරෙහිව ඵලදායී ආරක්ෂාවක් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර ඇති බැවින් ජනතාව තම ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා අදාළ එන්නත ලබා ගැනීම වැදගත්වන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
ඕමික්‍රොන් ප්‍රභේදය හදුනා ගැනීමත් සමග ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකානු රටවල්වලට සංචරණ සීමා පැනවුවද මේ වන විට එම රටවල්ද අදාල සංචරණ සීමා ඉවත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඔවුන් එසේ පැවසුවත් රටවල් බොහොමයක් නැවත වතාවක් ලිහිල් කරන ලද සංචරණ සීමා දැඩි කිරීම පිළිබඳ වාර්තාවනවා.
තවත් රටවල තත්වය වෙනස්
පසුගියදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දී දකුණු අප්‍රිකාවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් ඔමික්රොම් වෛරස් ප්‍රභේදයට සමාන වෙනත් නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගැනීමට එරට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවූණා.
එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ සාමාන්‍යයෙන් කොරෝනා වෛරසය හදුනා ගන්නා ක්‍රමවේදයන්ට අනුව පරීක්ෂා කිරීමෙන් එම වෛරස ප්‍රභේදය හඳුනා ගැනීමට නොහැකි වූ බවයි.
මේ තත්ත්වය හේතුවෙන් අදාල වෛරසය රටට ඇතුළු වීම වළක්වා ගැනීම සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මීට අමතරව තවත් රටවල් කිහිපයක්ම සංචාරකයන් සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි