Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අනේ ආණ්ඩුවේ පොහොර වැඩේ හොදයි කියල වොයිස් කට් එකක් දෙන්නකෝ : මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අයැදී

ඕකට හොදයි කියල අපි රෙදි ඇඳන් රටේ ඉන්නේ කොහොමද කියා ආචාර්යවරු මාධ්‍ය මඟ හරී

රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කොට කාබනික පොහොර වගාව ප්‍රචලිත කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඊට හේතුවී තිබෙන්නේ අදාල වැඩසටහන නිසි කළමනාකාරිත්වයකින් තොරව ක්‍රියාත්මක වීම බවයි බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ.

රසායනික පොහොර භාවිතය තහනම් කරන බව පවසමින් මේ වනවිටත් රසායනික පොහොර වර්ග රට තුළට ගෙනවිත් බෙදා හැරීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වන්නේ මෙවන් වටපිටාවක් තුළයි.

එමෙන්ම ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ යුරියා සම්බන්ධයෙන් ද මේ වන විට විශාල සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

පොහොර ගැටලුව හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපය මේ වන විට දිනෙන් දිනම ජනතාව තුළ පිරිහෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කොට නැවත වතාවක් ආණ්ඩුවේ මෙම පොහොර වැඩපිළිවෙළ ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය සහ රජයට හිතවත් පුද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් යොදාගනිමින් සූක්ෂම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තාවනවා.

කෙසේ වෙතත් මෙම වැඩසටහනට අදාළව කාබනික වගාව සහ රජයේ පොහොර සම්බන්ධ වැඩපිළිවෙළ අගය කිරීම සඳහා විද්වතුන්ගේ හඬ පට එකතු කිරීමට අදාල මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන්ට පාලනාධිකාරිය හරහා උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ක්ෂේත්‍රයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසකට දුරකතන ඇමතුම් ලබාදී තිබෙන්නේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් රජයට පක්ෂපාතී ලෙස අදහස් පළ කළ හැකි ද යනුවෙන් විමසමින්.

ඊට ප්‍රතිචාර දක්වමින් විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් බොහෝ දෙනෙකු සඳහන් කර තිබෙන්නේ රට පුරා අසාර්ථක වී ඇති ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති ව්‍යාපෘතියක් සාර්ථක බව පැවසීමට යාමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි.

විද්‍යාත්මක සහ වෘත්තීමය වශයෙන් මේ සඳහා පක්ෂපාතී වීම තම වෘත්තිය අභිමානයට පවා කැළලක් වන බවයි ඔවුන් මාධ්‍යවේදීන් ට පවසා ඇත්තේ.

ඇතැම් දෙනා විවිධ හේතු පවසමින් මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මග හැර තිබෙනවා.

මෙලෙස ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝදෙනෙකු වත්මන් රජය බලයට පත්කිරීම සඳහා සහයෝගය ලබාදුන් පිරිසක් වීම ද විශේෂත්වයක්.

About The Author