Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අන්තර් ජාලය හරහා අසත්‍ය තොරතුරු හුවමාරු කරන අයට වෙන දේ

අන්තර්ජාලය මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති බව රජය පවසනවා.

ඒ අනුව ඇතැම් පුද්ගලයින් සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට මෙම අසත්‍ය තොරතුරු හුවමාරු කිරීම යොදාගන්නා බව පවසන කැබිනට් මණ්ඩලය මෙම තත්වය ඇති නොවීම සඳහා අවශ්‍ය විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව විසඳීම සඳහා විවිධ රටවල් විසින් නීති පැනවීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව තුළද මෙම තත්වය වැලැක්වීම සඳහා නව නීති රීති මාලාවක් ගෙන අත්‍යවශ්‍ය බවත් පවසන කැබිනට් මණ්ඩලය ඒ සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක්වී ගෙන ආ ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අපට වාර්තා වනවා.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදු වන හානි වලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හඳුන්වා දීම මඟින් පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අදාළ යෝජනාව මගින් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද වාර්තාවනවා.

About The Author