Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අන්තර්වාර පාලනයකට ජනපතිගේ කැමැත්ත

අන්තර්වාර පාලනයක් ඇතිකිරීම සදහා ජනාධිපතිවරයාගේ කැමැත්ත පළකර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බවයි උන්වන්සේ සදහන් කළේ.

එසේම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසදා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ජා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහා නාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනය පිළීබද පාර්ලිමේන්තුව තුළ සාකච්ජා කර එම කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මහා නාහිමිවරුන්ට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වූ බවයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කළේ.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්,

“මහනායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්දුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා පිළිබඳවත් සඳහන් කරනවා. ඒ වගේම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත පළ කොට තිබෙනවා. ඒ සමගම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා, ඒ කටයුතු සිදුවිය යුතු බවත් එතුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදීත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ට දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.”

යනුවෙන් පවසා සිටි සේක.

About The Author