Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අන්තර්ජාලයෙන් දැහැත් වට්ටියකට බාබුල් වැටීමේ හුටපටයකට පාසල් සිසුවෙක් CID යට කැඳවයි

අපහාසාත්මක පොස්ටුවක් පල කිරීම චෝදනාවයි – CID යට වෙන වැඩ නැද්ද මාධ්‍යවේදියෙකු අහයි

කුරුණෑගල, වාරියපොල, කුඹුක්ගැටේ පදිංචි වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකුට ලබන 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පල කළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

Saliya Kanugala නම් මෙම පාසල් සිසුවා මිහියා – Mihiya නම් ෆේස්බුක් පිටුවේ අදාළ සටහන පලකර තිබෙනවා.

පසුගිය දිනක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයකට අදාළව පළ කළ අපහාසාත්මක පොස්ටුවක් මෙම කැඳවීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් සටහනක් තබන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පවසන්නේ රටේ සිදුවන මහා අපරාධ පිළිබඳ වගේ වගක් නොමැතිව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි කරුණු පිළිබඳ ප්‍රශ්න කරන්නට යාම විහිළුවක් බවයි.

ඔහු පවසන්නේ ඔහුද අදාළ පොස්ටුව හැකිතරම් මිතුරන් අතර බෙදා හරින බවයි.

තරිඳු උඩුවරගෙදර මහතා තැබූ සටහන් පහළින්..

ෆේස්බුක් පෝස්ට් එකකට සීඅයිඩී හෙවත් (සම්පූර්ණ නාමය) ‘ආණ්ඩු විරෝධී කතා කියන්නන්ගේ කටින් වචනයක් වැටෙනතුරු එළුවාගේ අහවල් එක වැටෙනතුරු වාගේ බලා ඉන්න, ලංකාවේ නොවිසඳුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් ගැන හොයන්න දෙයක් නෑ වගේ ඉන්න දෙපාර්තමේන්තුවේ’ ප්‍රශ්න කිරීමක්!Saliya Kanugala කියන උසස්පෙළ ලියන තරුණ කොල්ලා පහත පෝස්ට් එක මිහියා – Mihiya කියන පේජ් එකේ දාපු එකක්.

ඒක දැම්මා කියලා සීඅයිඩීයෙන් කතා කරලා.

ප්‍රශ්න කොළඹ සීඅයිඩීයට ඇවිත් ප්‍රකාශයක් කරන්න කියලා.

ඒ කොල්ලා කුරුණෑගල. පළාත් අතර සංචරණ සීමා තියෙන අස්සක පළයංකො මේ පෝස්ට් එක ගැන සීඅයිඩී එකට ප්‍රකාශයක් දෙන්න.

මේ තරුණ කොල්ලෙක්ව බය කරලා කතා කරන එක නවත්තන්නද යන්නේ?ලංකාවේ නොවිසඳුණු මහා පරිමාණ අපරාධ නැතිවද? මේවා දාන උං පස්සේ පන්නන්නේ? තව කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක්ට මෙහෙම කෝල් එන්න ඇතිද?

හැබැයි සාලියගෙන් ඇහුවම කිව්වා, එයා පොඩ්ඩක්වත් බය නෑ කියලා.

මේකට උත්තරේ සීඅයිඩීයෙන් කතා කරන පෝස්ට් අපි හැකි තරම් ෂෙයා කරන

එක.ඉතින් අපිත් මේක දානවා!

About The Author