Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධිකරණ සේවා කොමිසමට මුවා වෙමින් මහේස්ත්‍රාත්වරුන්ට විධායකයට අනුගත වන ලෙස බලපෑම් කරලා

ලබා දුන් නඩු තීන්දු පිළිබඳත් ප්‍රශ්න කරලා – අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරුන් ද විධායකයට අනුගත වන ලෙස බලපෑම් කිරීමේ සිද්ධියක් පිළිබඳව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඔහු පෙන්වා දුන්නේ පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වා ඇති බවයි, එහිදී පසුගිය දිනවල පැවැත්වූ මහජන විරෝධතාවයන් සම්බන්ධයෙන් පොලිසිය තහනම් නියෝග ලබා ගැනීමට උත්සාහයන්ට ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ඉඩ ලබානොදීම පිළිබඳව ද අවධානයට යොමුව තිබෙනවා.

අදාල රැස්වීම අනිවාර්ය කර තිබූ අතර එයට සහභාගි නොවන්නන්ගේ වැටුප් වර්ධක, උසස්වීම්, පුහුණුවීම් ආදිය පිළිබඳ අනතුරු ඇඟවීමක් අදාළ ලිපිය මගින් සිදුකර තිබූ බවයි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට සඳහන් කළේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලය අවභාවිතා කරමින් අධිකරණය විධායකයේ අභිමතයට යටත් කිරීමට අදාල සම්මන්ත්‍රණය මගින් උත්සාහ කරා ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

මහේස්ත්‍රාත්වරුන් අදාල සම්මන්ත්‍රණයට කැඳවමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් යොමු කළ ලිපිය..

About The Author