අධිකරණයේ විභාග වූ නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයන් මහාධිකරණයෙන් වරදකරු කොට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඩුවම් නියම වු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද ( 07) නිෂ්ප්‍රභ කර තිබෙනවා.
සිර දඩුවම් විදිමින් සිටින විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයා වයස් ගත බැවින් දැනට වසංගතයක් ව පවතින කොරෝනා රෝගයට ගොදුරු වීමේ අවධානමක් ඇති බැවින් ඔහු ඇපමත මුදා හරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබුණා.
මෙම ප්‍රතිශෝධන පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සමින් ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඔහුට ඇප ලබා දීමට තරම් සුවිශේෂ හේතුවක් නොමැති බව ට තීරණය කර අදාළ පෙත්සම ඉවත දැමීමට තීරණය කරනු ලැබුවා.
© මුලාශ්‍රය – ලංකාදීප


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට