Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) සභාපති සහ පාලක මණ්ඩලයට සිතාසි

අභියාචනාධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් CIDA හි සභාපතිවරයා සහ කළමනාකාරීත්ව මණ්ඩලය සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට අභියාචනාධිකරණය අද සිතාසි නිකුත් කර තිබෙනවා.

මූල්‍ය අධ්‍යක්ෂ, තරංග විශ්වජිත් සෙම්බුකුට්ටිආරච්චි මහතාගේ සේවය 2021 දෙසැම්බර් 31 වැනි දින කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා අත්තනෝමතික ලෙස අවසන් කිරීමට අදාළව එම අධිකාරියේ සභාපතිවරයා විසින් අංක PED 1/2015 දරන පොදු ව්‍යවසාය චක්‍රලේඛයට ලබාදී ඇති අර්ථ නිරූපණය අභියෝගයට ලක් කරමින් සෙම්බුකුට්ටිආරච්චි මහතා විසින් අංක 40/2022 දරන රිට් අයදුම්පතක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

ඒ අනුව අභියාචනාධිකරණය පසුගිය ජුලි මස 29 වන සෙම්බුකුට්ටිආරච්ච්චි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝග කර තිබුණා.

කෙසේ වෙතත් සෙම්බුකුට්ටිආරච්චි මහතා “වහාම” නැවත සේවයේ පිහිටුවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති පසුබිමක, එම නියෝගයට අනුකූල නොවීම නිසා අධිකරණයට අපහාස කිරීම යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අගතියට පත් පාර්ශවය කටයුතු කර තිබුණා.

CIDA සභාපති මහාචාර්ය එන් ටී සොහාන් විජේසේකර මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් තවත් සේවකයින් රැසක් රැකියාවල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, දිලුමි ද අල්විස් සහ සිතාරි පෙරේරා යන නීතීඥවරුන් පෙනී සිට තිබෙනවා.

About The Author