Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධිකරණයට අපහාස කරන ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අන්දනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු වෙනස් කරන්නයි බලපෑම් කිරීමට හෝ අධිකරණ ක්‍රියාවලිය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කොමිසමකට කිසිදු බලයක් නොමැති බවයි.

එසේ කරන්නේ නම් එය අධිකරණයට සිදුකරන බලවත් අපහාසයක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ අදාළ කොමිසම් වාර්තාව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීනිමරුවන් ලෙස තීරණය කළ පුද්ගලයින් නිර්දෝශී බව පවසමින් ලබා දී ඇති නිර්දේශ පිළිබඳ අදහස් පළකරමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ කොමිසම අධිකරණ බලය අත්තනෝමතික ලෙස ආරෝපණය කරගනිමින් කටයුතු කර ඇති බවයි.

ආණ්ඩුවේ හිතවතුන්ට විරුද්ධව තිබෙන නඩු ඉවත් කරමින් නිර්දේශ ලබා දී ඇති මෙම කොමිසම ඇතැම් නඩුවල පැමිණිලිකරු විත්තිකරු බවට පත්කරමින් තීන්දු ලබා දී ඇති බවද සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයේ වාර්තා සඟවනවා

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක වූ කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නීතිපතිවරයාට පවා ඉදිරිපත් නොකරමින් රජය කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම එම වාර්තාව සම්පුර්ණ විනිවිද භාවයකින් යුතු එකක්ද යන්න පිළිබඳව බරපතල සැකයක් මේ වන විට මතුව ඇති බවද කිරි අල්ල මහතා සඳහන් කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අන්දලා

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුව හොත් රජයට දැවැන්ත පරාජයක් ලබන්නට සිදුවන බවද පවසනවා.

මේ හේතුව නිසා මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින ආණ්ඩුව පසුගියදා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැවටවීමට බවද සඳහන් කළා.

ඉන්දියාව පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදි මතු කළ බලපෑම හේතුවෙන් ආණ්ඩුව පළාත්සභා මැතිවරණය පිළිබඳ කතා කළත් අවසන් වශයෙන් සිදු කළේ ඉන්දියාවත් ඇන්දවීම බවයි කිරිඇල්ල මහතා පවසන්නේ.

හොර පාරේ නව ව්‍යවස්ථාවක්

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ද කල් දමමින් පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ නීතිමය තත්වයන් බැහැර කරමින් නව ව්‍යවස්ථාවක් හරහා බලය රඳවා ගැනීමේ උත්සාහයක නිරතවන බවයි.

About The Author