පුංචි ලොරියක 37 දෙනෙක් ගිහින් තට්ටුව කඩා වැටිලා
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී දරුවන් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවන් 13 ක් රෝහල් ගතකර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ගමනා ගමන අපහසුතා නිසා ඊයේ (30) උදෑසන කුඩා ලොරි රථයක නැගී මෙම දරුවන් පිරිස පාසල් ගොස් තිබෙනවා.
කෙසේ නමුත් එම ලොරි රථයේ දරුවන් වැඩි පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ලොරියේ තට්ටුව කඩා වැටී අතර එම අවස්ථාවේ සිසුන් 37 දෙනෙකු අදාළ ලොරිය තුළ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.
තුවාල ලැබූ එක් සිසුවෙකුගේ පාදය බිඳී තිබෙනවා.
සිසුන් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වර්තාවනවා.


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට