ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළකරමින් අද දින (06) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා.
අද දිනයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධානද මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය පළකරන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙන්ම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු වෘත්තීය සමිති 2000 ක් පමණ මේ සදහා එක්වීමට නියමිතයි.
මේ අතර අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන අතර දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම අද දිනයේ හර්තාලයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වන බවයි එම වෘත්තීය සමිති සදහන් කරන්නේ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්