දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ නැගෙනහිර, උතුරු සහ උතුරු මැදි පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මීදුම සහිත තත්වයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව සුළංද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට