අරගලකරුවන්ට පක්ෂයි : කැරලිකරුවන්ට විරුද්ධයි
නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද ඔහු කියා සිටියි.
ජනාධිපති වරයාගේ කොඩි සහ ජනාධිපතිවරයාට අතිගරු ලෙස ඇමතීම තහනම් කරන බවත් ඒ මහතා පැවසීය.
සාමකාමී අරගලකරුවන් අතරට පැමිණි කැරලිකරුවන් විසින් සිදුකරන රාජ්‍ය විරෝධී කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට