වකුගඩු සහ වෘෂණ කෝෂ ජාවාරම් කළ බවට බොරැල්ල වෙස්ටන් රෝහලේ සභාපති, වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය රෙස්වි ෂෙරිෆ් මහතාට නඟන චෝදනා පිටුපස මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අදිසි හස්තයක් ඇති බව මේ වන විට මාධ්‍යය කිහිපයකම තොරතුරු ඔස්සේ වාර්තා වනවා.
මේ වන විට වකුගඩු බද්ධ කිරීම සඳහා මෙරට තුළදී විදේශිකයින් අවසර හිමිවන්නේ නැහැ.
කෙසේ නමුත් සංචාරක වෛද්‍ය කර්මාන්තය ව්‍යාප්ත කිරීම යටතේ ඉදිරියේ දී විදේශකයින්ට ද මෙරටදී වකුගඩු බද්ධ කිරීමේ අවසරය ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව දැනගන්නට තිබේ.
මේ තත්වය තුළ වකුගඩු බද්ධය සඳහා මෙරට පුද්ගලික රෝහල් අතර තරඟකාරීත්වයක් නිර්මාණය වීමේ වටපිටාවක් නිර්මාණය වීම මත මෙම නව වෙළඳපොල තමන් සතු කරගැනීම සඳහා පුද්ගලික රෝහල් විසින් එක් එක් මාදිලියේ උපක්‍රම භාවිත කරමින් සිටින බව දැනගන්නට ලැබේවා.
වකුගඩු බද්ධ කිරීමේ සිදුවීම් සහ වෘෂණ කෝෂ විකිණීම සඳහා බව පවසමින් සිදුකළ ජාවාරමක් පිළිබඳ පසුගියදා තොරතුරූ වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බොරැල්ල වෙස්ටන් රෝහල සහ එහි හිමිකාරීත්වය පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.
එමෙන්ම රෙස්වි ෂෙරීෆ් මහතා ශ්‍රී ලංකාවට වගුකඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය හඳුන්වා දුන් ප්‍රමුඛතම වෛද්‍යවරයා යි. වකුගඩු බද්ධ කිරීමේ දී නීති රාමුව හඳුන්වා දීමට ද පුරෝගාමී ව ඇත්තේ මහාචාර්ය රෙස්වි ෂෙරීෆ් මහතායි.
”වකුගඩුවක් බද්ධ කිරීම සංකීර්ණ ක්‍රියාවලියක්. පළමුවෙන් ම වකුගඩු අක්‍රියතාව හඳුනා ගන්න ඕන. වකුගඩු අක්‍රියතාව ස්ටේජ් වන්, ටූ, ත්‍රී, ෆෝ, ෆව් කියලා තියෙනවා. ස්ටේජ් ෆයිව් එනවිට වකුගඩු සියයට පහක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට ආවට පස්සේ තමයි අපි කියන්නේ රෝගියාට වකුගඩු බද්ධ කරන්න ඕන කියලා. ඒකත් රෝගියාගේ වයස අසූව නම් වකුගඩු බද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැත්තෑ විතරට වඩා පහළ නම් බද්ධ කරනවා. මගේ වෛද්‍ය ජීවිතයේ දී වකුගඩු බද්ධ කිරීම් රැසක් කරලා තියෙනවා. මගේ වයස වයස හැත්තෑ හතරයි. මමත් වකුගඩුවක් බද්ධ කළා මාස හතරකට කලින්. නමුත් මටවත් වකුගඩුවක් බද්ධ කර ගන්න ලේසි නැහැ. අපි කරන්නේ සායනික කටයුත්තක් පමණයි. අපි කරන්නේ වකුගඩු පරිත්‍යාග කරන්නාත් රෝගියාත් අතර සායනික කටයුත්තක් පමණයි. වකුගඩු බද්ධ කිරීම සම්පූර්ණ නියාමනය කරන්නේ සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ. ඒ නිසා සායනික කාර්යයේ දී කිසිම වංචාවක් වෙන්නේ නැහැ….”
යනුවෙන් ඔහු සඳහන් කර අන්තර් ජාල නාලිකාවක් සමඟ මේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
වෘෂණ කෝෂ බද්ධ කළ බවට තමන්ට නැඟෙන චෝදනා ද පදනම් රහිත බව සඳහන් කළ ඔහු, වෘෂණ කෝෂ බද්ධ කරන බවට සඳහන් වූ කරුණ සම්බන්ධන්ද කරුණු දක්වා තිබෙනවා.
ලෝකයේ වෘෂණ කෝෂ බද්ධන් මේ දක්වා සිදුව ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් බව ඔහු මෙහිදී සඳහන්කර තිබෙන්නේ මේ දක්වා ලෝකයේ එම පරීක්ෂණ ද අසාර්ථක බවද පවසම්න්.
වාර්තා වන අන්දමට කිසියම් කණ්ඩායමක් වකුගඩු බද්ධය පිළිබඳ අසත්‍ය තොරතුරැ සමාජ ගත කරමින් කටයුතු කරන බවට චෝදනාවක්ද මේ පිටුපස තවත් තරඟකාරී පුද්ගලික රෝහලක් සිටින බවටත් මේ වන විට විවිධ චෝදනා එල්ලවී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි