Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්ද හදිසියේ අවදි වෙයි : මාධ්‍ය නිවේදනයකුත් එවයි

ගැටළු සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස නියෝග කරලා

රටේ ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංවේදී වී තිබෙනවා.

ඒ අනුව විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවය පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජනතාව මුහුණදෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ බලධාරීන්ට අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබාදී ඇති බව එම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

මෙතෙක් කලක් පෝලිම් වල මිනිසුන් මැරී වැටෙමින් පැය ගණනක් අඳුරේ සිටිමින් පීඩාවට පත්වන විට මුනිවත රකිමින් සිටි බවට ජනතාවගේ චෝදනාවට ලක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙලෙසින් හිටි හැටියේ සංවේදී වීම පුදුමයට කරුණක් බවයි දේශපලනම විචාරකයින් පෙන්වා දෙන්නේ.

අගමැතිවරයා විසින් විදුලිය කප්පාදුව හැකි තාක් දුරට අවම කරන බවට උපදෙස් ලබා දීම හේතුවෙන් අද(03) දිනයේ විදුලි කප්පාදුව පැය 01 මිනිත්තු 40 කට සීමා කළ බව ද ඊයේ වාර්තා කෙරුණා.

කෙසේවෙතත් ඉන්දියාව විසින් ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය පහසුකම යටතේ ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ කොළම වරායට සේන්දු වුණා.

ඉන්දීය ණය පහසුකම යටතේ ලබාදෙන සිව්වන ඉන්ධන තොගය ලෙස එය ලැබී ඇති අතර අතර ගතවූ දින 50 තුළ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 200,000 ක් සැපයූ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර තිබෙනවා.

About The Author