Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්ද අමතක වෙන තත්වයක : හොදම කෑල්ල නැතුව එවපු එක මෙන්න

සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ගෙන ආ ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෙන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එළඹෙන පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබූ විජයග්‍රාහී ප්‍රීතියේ සැමරුම් දිනය පාස්කුව බවයි.

පරිත්‍යගශීලි ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟාගර ගතහැකි අධ්‍යත්මික මාර්ගය මෙනෙහි කිරීමට පාස්කු දිනය සියලු දෙනාට වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළද මෙරට ඉතිහාසයේ ඛේදනීයම දිනයක් වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වින්දිතයන් හෝ වගකිව යුත්තන් පිළිබදව වසර තුනක් ගෙවෙන දිනයකදීත් කිසිදු සදහනක් නොමැති වීම සහ එය අමතක වී යාම විශේෂත්වයක්ද.

About The Author