Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්දට ආ ජනතා විරෝධය නතර කිරිමට පොලිසිය බසයේ දොරවල් බදාගනී : ජනතාව ඇතුළේ සිරකරයි

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් මට්ටුවිල් – අම්මාන් විහාරස්ථානය අසල අද (25) පැවති විරෝධතාවයක් නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වී තිබෙනවා.

යාපනයේ දින දෙකක සංචාරයක් සඳහා පැමිණ සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් යුක්තිය ඉල්ලා යමින් සිටියදී පොලිසිය විසින් බස් රථයෙන් බැසීමට නොහැකි වන ආකාරයෙන් දොරවල් අහුරා සිටි බවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් චෝදනා කරනවා.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් මට්ටුවිල් – අම්මාන් විහාරස්ථානය අසල පැවැත්වීමට සැලසුම් කර තිබු විරෝධතාවයකට පොලිසියෙන් බාධා කළ බවයි ඔවුන් පවසන්නේ.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී තවත් විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඊට සහභාගී වෙමින් දෙමළ ජාතික ජනතා පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපති සහ අගමැති එදා ක්‍රියාත්මක කල යුද්දයේදී දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාර යුද්දයක් ක්‍රියාතමක කල බවටත් එම යුද්ධයේදී අහිංසක ජනතාව විශාල ප්‍රමාණයක් මරණයට පත්වීම සහ අතුරුදහන්වීම සිදුව ඇති හෙයින් වහාම ජනසංහාරයට එරෙහිව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකල යුතු බවයි.

එමෙන්ම යුද්දයේදී විසිදහසකට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවට අනාවරනය වී තිබෙන අවස්ථාවක එම පිරිස් වෙනුවෙන් මේ වන විටත් උතුරේ ස්ථාන කිහිපයක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පිළිගත හැකි විසඳුම් ඉල්ලා වසර ගණණාවක් තිස්සේ නෙකඩවා සත්‍යග්‍රහයන් ආරම්භ කොට ඇතත් මේ දක්වා විසඳුමක් නොලැබීම දෙමළ ජනතාවටම සිදු වූ දැඩි අසාධාරණයක් බැවින් වහාම ඒ පිළිබඳවද ජාත්‍යන්තරයේ අවධානය යොමු වි සාධාරණයක් විය යුතු බවත් ඔහු අවධාරණය කළා.

එවැනි වාතාවරණයක් යටතේ අග්‍රාමාත්‍යවරයා උතුරට පැමිණීම දැඩි ලෙසින් හෙලාදකින බැවින් වහාම දෙමළ ජනතාවට සාධාරණයක් ලබා දෙන ලෙසටද විරෝධතා කරුවන් ඉල්ලා සිටියා.

About The Author