අද (22) දහවල් 12.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පක්ෂ නායකයන් විසින් කර ඇති ඉල්ලීමකට අනුව මෙම රැස්වීම අද දිනයේ පවත්වන බව මීට පෙර සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් හෙට දිනට කල් දැමුණු අදාළ රැස්වීම හෙට පස්වරු 4ට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන්ට දැනුම් දීමට අගමැති කාර්යාලය පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට