පවතින මතභේදාත්මක දේශපාලන තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා.
කෙසේ වෙතත් අප වෙත තොරතුරු වාර්තා වන අන්දමට එම රැස්වීමට සහභාගී නොවී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පිටව ගොස් තිබෙනවා.
එලෙසින් පිටව යන්නේ ඇයිදැයි අග්‍රාමාත්‍යවරයා විමසා ඇති අතර එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකයන්ගේ යැයි කියූ රැස්වීමට පක්ෂ නායකයන් නොවන පිරිසක් ද සහභාගී වී සිටින බැවින් තමන් පිටව යන බවයි.
එසේ නොමැතිව තව දුරටත් රැදී සිටීමෙන් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය වීම බවත් ඔවුන් සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය වරයා මෙවැන්නක් දැන සිට නැති අතර පසුව තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්