Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැතිකම් මම භාර ගන්නේ නෑ : හොරු ඉන්න තැනකට ජාත්‍යන්තර උදව් ගේන්නේ කොහොමද – රනිල් කියලා

පවතින අර්බුදය හමුවේ අගමැති ධූරය භාරගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බව දැනගන්නට තිබෙනවා.

කිසිවක් වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන්ට රට තුළ පවතින මූල්‍ය විනය පිළිබඳව විශ්වාසය පිළිබඳ යම් පලුදු වීමක් ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය ඇතුළු සංවිධාන සහ රටවල් ගණනාවක්ම පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව උපකාර කිරීමට සූදානමින් සිටින නමුත් තමන් ලබාගෙන ණය ආධාර විනිවිදභාවයකින් යුක්තව භාවිතයට ගනී ද යන්න පිළිබඳව සැකයක් ඔවුන්ට මතු වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ හේතුව තුළ ජාත්‍යන්තරයේ විශ්වාසය තැබිය හැකියි දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවට ඉල්ලීම් ලැබී තිබෙනවා.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවති පුද්ගලික සාකච්ඡා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ධුරය මේ මොහොතේ භාර ගන්නේ දැයි ඇසූ පැනයන්ට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර ඇත්තේ වංචනිකයන් සිටින තැනකට ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලීමට ගොස් තමන්ට ජාත්‍යන්තරයෙන් සහ අවසානයේ ජනතාවගෙන් දොස් අසන්නට සිදුවිය හැකි බවයි.

එබැවින් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් රට තුල මූල්‍ය විනයක් ඇති කරමින් පාලන ක්‍රමවේදයක් ගෙනයා හැකි තත්ත්වයක් නිර්මාණය වුව හොත් තමන් ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බව ද ඔහු පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රට ගොඩගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති මුල්කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි වාර්තා වන්නේ.

About The Author