Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සදහා සූර්ය පැනල ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

About The Author