Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අංක තහඩු නොමැති යතුරු පැදිවල නැගී සන්නද්ධ කණ්ඩායම් මහජන විරෝධතා වලට කඩා පනී : පොලිසියත් සමගත් ගැටෙයි

මහජනතාව සහ පොලිස් නිලධාරීන්ගේ විරෝධය මැද පලායයි

අද පස්වරුවේ පාර්ලිමේන්තුව අසල පැවති මහජන විරෝධය හරහා ආයුධ සන්නද්ධව අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී පැමිණි කණ්ඩායමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටී එම පුද්ගලයින් පොලිස් අණ නොතකා කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිස් නිලධාරින් ද ඔවුන් නවතා ගැනීමට කටයුතු කළේ මහත් පරිශ්‍රමයක් දරමින්.

විරෝධතා කරුවන් ද මෙම කණ්ඩායමට දැඩි විරෝධයක් එල්ල කළ අතර මේ හේතුවෙන් දැඩි උණුසුම් කාරී තත්ත්වයක් නිර්මාණය වන අයුරු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් එල්ල වූ මහජන සහ පොලිස් නිලධාරීන්ගේ විරෝධය හමුවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් ව ගියා.

About The Author