හමුදා රාජකාරියට බාධා කළ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණ කරන්නයි යුධ හමුදාව දැනුම්දෙයි
අද පස්වරුවේ පාර්ලිමේන්තුව අසල පැවති මහජන විරෝධය හරහා ආයුධ සන්නද්ධව අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී පැමිණි කණ්ඩායමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටී එම පුද්ගලයින් පොලිස් අණ නොතකා කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිස් නිලධාරින් ද ඔවුන් නවතා ගැනීමට කටයුතු කළේ මහත් පරිශ්‍රමයක් දරමින්.
කෙසේ වෙතත් අංක තහඩු නොමැති යතුරුපැදි ධාවනය කළ සන්නද්ධ යතුරුපැදිකරුවන් යුද හමුදා සාමාජිකයන් බව යුද හමුදාව නිවේදනය කරනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර තිබෙන්නේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.
එම නිවේදනයේ දළ සිංහල පරිවර්තනය
රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ සදාචාර විරෝධී සහ නොහොබිනා හැසිරීම් ගැන පොලිස්පතිට දන්වයි
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (සහකාර පොලිස් අධිකාරීවරුන්) සදාචාර විරෝධී සහ නොහොබිනා හැසිරීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
යුද හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ මෙහෙයුම් අධ්යක්ෂවරයාගේ උපදෙස් පරිදි සිව් පුද්ගල යුද හමුදා රයිඩර්ස් කණ්ඩායමක් අද (5) සවස පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ග පිවිසුම වෙත පැමිණි අවස්ථාවේදී රාජකාරියට බාධා කිරීමට අදාළව මෙම පරීක්ෂණ ඉල්ලා තිබේ.
ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ද සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති අතර එම පොලිස් නිලධාරීන්ගේ පිළිගත නොහැකි හැසිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි