ව්‍යාපෘතියකට මුවා වී සුපිරි ගෙයක් හදයි : වියදම මිලියන 350 ක් : සැලසුම මෙන්න
මීරිගම ග්‍රිඩ් උපපොලක් විවෘත කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ කරමින් ව්‍යාපෘති කාර්යාලයක් ඉදිකරන මුවාවෙන් මහල් දෙකකකින් යුත් සුපිරි පහසුකම් වලින් සමන්විත නිවසක් ඉදිකිරීමට යාමේ සිදු වීමක් පිළිබඳ මේ වන විට අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.
රජය විසින් නාස්තිකාර සහ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස උපදෙස් ලබාදී ඇති මොහොතකයි.
රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙත පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.
ආසියානු සංවර්ධන අරමුදල හරහා බලශක්ති පද්ධතියේ ස්ථාවර භාවය තවදුරටත් ශක්තිමත් කිරීම අදාළ ව්‍යාපෘතියට මුදල් ප්‍රතිපාදන ලැබී තිබෙනවා.
එම මුදලින් මෙම සුපිරි නිවාස ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 350ක් පමණ වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
බෑවුමක් සහිත ඉඩමක ඉදිවන මේ නිවාස සඳහා භූමිය සකස් කිරීම වෙනුවෙන් ද විශාල මුදලක් වය කිරීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග ද වාර්තා කරනවා.
අදාළ ගොඩනැගිල්ල ව්‍යාපෘති කාර්යාලයක් ලෙස ව්‍යාපෘති සැලසුමෙහි දක්වා ඇති නමුත් එය සම්පුර්ණ අසත්‍යයක් බව ඉහත දක්වා ඇති ගොඩනැගිලි සැලසුම මගින් පැහැදිලි වනවා.
ග්‍රිඩ් උපපොළ විවෘත කිරීමෙන් පසු එහි නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා ඉංජිනේරුවන්ට රැඳී සිටීමට සඳහා මෙය ඉදි කරන බවට අදහසක් සමාජ ගත කිරීමට උත්සහ කරන බවත් ඒ අයුරින් කල්පනා කලත් අනාගතයටද බරක් වන මෙය අනවශ්‍ය වියදමක් වනු ඇති බවත් විදුලි සේවකයින් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ මෙම සුපිරි නිවාසය නඩත්තු කිරීම සඳහා මෙන්ම එහි භාරකරුවන් වෙනුවෙන්ද මුදල් වියදම් කිරිමට සිදුවනු ඇති බවයි.
රටම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක මේ අයුරින් සුපිරි නිවාස ඉදිකිරීම සඳහා මහජන මුදල් නාස්ති කර දැමීම සම්බන්ධයෙන් අදාල බලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි විදුලි සේවකයින් පෙන්වා දෙන්නේ.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී