Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෙද කාර්යමණ්ඩල PCR සහ RAT සේවා වලින් ඉවත් වෙයි

හෙද කාර්යමණ්ඩල විසින් තම ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා සහ සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයෙන් සිදුකළ ඉල්ලීම් කිහිපයකට මේ දක්වා නිසි ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරමින් දිවයින පුරා හෙද නිලධාරීන් අද (25) උදෑසන 7.00 සිට PCR සහ RAT (Rapid Antigen Test) සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ බව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

About The Author